මහින්ද බ්‍රහස්පතින්දා ජනපති කොමිසමට


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා (15) බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

පසුගිය පාලන සමයේදී රාජ්‍ය ආයතන වල සිදු වූ බව කියන මහා පරිමාණ වංචා සහ දුෂණ සිද්ධීන් පිළිබඳව සොයා කොමිසම හමුවේ විභාග කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් පෙනී සිටින ලෙස කොමිසම හිටපු ජනාධිපතිට දන්වා ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට ගිවිස ගෙන තිබු දැන්වීම් වලට වඩා රුපියල් කෝටියකට වඩා වැඩි දැන්වීම් ප‍්‍රමාණයක් ප‍්‍රචාරය කරවාගෙන ඒ වෙනුවෙන් මුදල් නොගෙවීම මඟින්ද ප්‍රතිවාදී අපේක්ෂක මෙතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ප‍්‍රචාරය කිරීමට ගිවිස ගෙන තිබු දැන්වීම්වලට වඩා අඩුවෙන් ප‍්‍රචාරය කිරීම නිසා ස්වාධීන රූපවාහිනි සේවයට ලැබීය යුතුව තිබු ලොකු මුදලක් අහිමි වීම මඟින්ද රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් මෙම පරීකෂණය සිදු කෙරේ.