නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
නව මැතිවරණ ක්‍රමය ඇති කරන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අකමැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව එහයට කැමති බව කියමින් බොරු මැජික් පෙන්වන බව ද ඔහු පැවසීය.
ඉදිරි මහ මැතිවරණයට සහ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගේ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලබන 25 වැනි දා තෙක් දීර්ඝ කළ බව ද, දැනට පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තම කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලේඛණයට අනුමහැතිය ලබා දිය යුතු බව ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.
නව මැතිවරණ ක්‍රමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225ක් වීම සුළු පක්ෂවලට දැඩි අසාධාරණයක් බැවින් කැබිනට් මණ්ඩලය අනුමත කළ මැතිවරණ සංශෝධන යෝජනාවලියට සන්ධානය විරුද්ධ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.



