මහින්ද පැදුර 23


ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයන් සංවිධානය කරන ‘මතක යාමය පැදුරු සාජ්ජය‘ මැයි 23 වැනි සෙනසුරාදා පස්වරු 7.30 ට තලවතුගොඩ ඕස්ට්‍රේෂියා ක්‍රීඩා සංකීර්ණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

රොඩ්නි වර්ණකුල, ක්‍රිස්ටෝපර් පෝල්, කුමාරි මුණසිංහ ඇතුළු ජනප්‍රිය ගායන ශිල්පීහු පිරිසක් ඊට එක්වෙති.