මහින්ද නිල රථයට ලක්ෂයක් ගෙවයි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල රථය වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් අද ගෙවූ බව හිටපු ජනපති මාධ්‍ය අංශය කියයි.

මැතිවරණය වෙනුවෙන් පාවිච්චි කරන රජයේ වාහන වෙනුවෙන් මුදල් ගෙවිය යුතු බවට වන මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග අනුව මීට පෙර අමාත්‍යවරුන් කිහිප දෙනකුම තම නිල වාහන වෙනුවෙන් මුදල් ගෙවනු ලැබූහ.

හිටපු ජනපතිවරයාද ඒ අනුව සිය නිල රථයට අද මුදල් ගෙවීය.