මහින්ද තවමත් මොරටු පුර සබේ


ජනවාරි මාසේ අට  වෙනිදා පැවැති ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගත්තද මොරටුව නගර සභාවේ තවමත් ගසා ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ඡායාරූපයක් බව නාගරික මන්ත්‍රී (ජවිපෙ) නිශාන්ත ප්‍රනාන්දු මහතා  අද මාස සභා රැස්වීමේ දී කීවේය.

නගරසභාවේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ රාජ්‍ය නායකයාගේ ඡායාරූපය තිබිය යුතු ස්ථානයේ තවමත් හිටපු ජනපතිගේ රුව සහිත ඡායාරූපයක් තිබීම ගැන කොමසාරිස්වරියද වග කිව යුතු යැයි ඔහු පැවසීය.

කවුරුන් අකමැති  වුණත් රටේ ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේනයි  බව සියලු දෙනා පිළිගත යුතුයැයි ද ඔහු සඳහන් කළේය.

DSC03016