හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි ඉල්ලමින් සන්ධාන නායකයන් පිරිසක් බදාදා (1) තංගල්ල කාල්ටන් නිවසට රථ පෙළපාළියකින් යාමට නියමිත බව සන්ධාන පක්ෂ නායක කමිටුව කියයි.
වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ ඇතුළු 15 දෙනකුගෙන් යුත් කමිටුවක් එකතුවී මෙම තීරණය ගෙන ඇතැයිද කියති.

