මහින්ද කුරුණෑගලින් එයි


මහින්ද මෛත්‍රී පාලනයක් සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බොහෝ දුරට කුරුණෑගලින් අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට තරග කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් තැබීම සඳහා කොළඹ මහවැලි කේන්ද්‍රයට මීට සුළු මොහොතකට පෙර පැමිණි අවස්ථාවේදී පැවසීය.

නාම යෝජනා අත්සන් තැබීමේ කටයුතු සඳහා වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී ලොකුගේ ඇතුළු හිටපු පාර්ලිමේන්තුවරුන් පිරිසක් එහි පැමිණ සිටිති.

ළඟදීම මෛත්‍රී - මහින්ද පාලනයක් ගෙන එන බවත් එයට එකඟවීමෙන් පසු නාම යෝජනා අත්සන් කරන බවත් වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

හිටපු ජනපති  මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ මිරිහාන නිවසේදී පෙරදින නාමයෝජනා අත්සන් කළ බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිස නීතිඥවරුන්ද එහි පැමිණ සිටි බවත් දැනගන්නට ඇත.

DSC_0569 DSC_0595 DSC_0618 DSC_0629 DSC_0642 DSC_0747 DSC_0767

 

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක