කොළඹ නගරයේ මග දෙපස කඩවලින් හා පදික වෙළඳුන්ගෙන් බදු අය කිරීමේ බලය ඇත්තේ කොළඹ නගර සභාවට බවත් වෙනත් කිසිවකුටත් එසේ මුදල් අය කළ නොහැකි බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ප්‍රකාශ කළේය.
කොළඹ කොටුවේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප හතරක් හා රුපියල් 50,000 ක මුදල් ඇපයක් මත මුදාහරිමින් මහේස්ත්‍රාත් එසේ කීවේය.
ඔහුට දැඩි ඇප කොන්දේසිද නියම විය.
ඔහුගේ ගමන් බලපත්‍රයද තහනම් කැරිණි.



