අනීෂා මානගේ
දේශපාලනයේ මේ ගතවෙන්නේ අර්බුදකාරී , ගැටුම්කාරී වාතාවරණයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05) පැවසීය.
දිසානායක මහතා මේ බව පැවසුවේ තංගල්ල නගර ශාලාවේ පැවති 47 වැනි අප්‍රේල් විරු සමරු උත්සවයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද කීය.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාම සැලසුම් කරනවා. ඒ මෛත්‍රීපාල මහත්තයත් එක්කම රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයේ වාඩි වෙනවා . කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති.
අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අර්බුදය තියෙන්නේ පක්ෂය ඇතුලේ. වෙනද මේ පක්ෂය ඇතුලේ අර්බුද ඇතිවුනේ බලකණු අතර. ප්‍රේමදාස මහත්තය එක්ක හැප්පෙන්නේ ලලිත් ගාමිණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එක්ක හැප්පුනේ පුතා අනුර බණ්ඩාරනායක.
මේ පක්ෂ ඇතුලේ අර්බුද හදන්නේ බලකණු. අද අර්බුද හැදෙන්නේ රනිල් සමඟ රංගේ. රනිල් සමඟ වසන්ත. රනිල් සමඟ චතුර. මේ කව්ද වාටියේ ඉන්න අය. පක්ෂයේ වාටියේ ඉන්න අය පක්ෂයේ නායකයට එරෙහිව සටන් කරන්න පටන් ගන්නවා. පක්ෂයක් ලෙස ගත්තම අභ්‍යන්තරයේ දැවැන්ත කඩා වැටීමකට ලක් වෙලා තිබෙනවා.
අද තව කල්ලි දෙකක් ගොඩනැගිලා තියෙනවා. ඒ තමයි බැසිල් කල්ලිය. අනිත් එක ගෝඨාභයගේ කල්ලිය. මේ දෙකටම හිර වෙලා මහින්ද. ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ. පව් කියල හිතෙනවා අර විශ්වාස භංගය භාර දෙන්න මහින්ද මහත්තය ඇදගෙන ගිය විදිය.‘‘
ඡායාරූප - චන්ද්‍ර සේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු