මහින්ද එනවානම් ශ්‍රීලනිපයේ අනුශාසක තනතුරක්


(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය බාර ගන්නේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසකවරයකු ලෙස පත් කිරිමට  ශ්‍රීලනිප විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (3) රැස්වු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ දී මෙම තීරණය ගැනිණ. 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරුන් ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හිටපු අගමැති දි.මු.ජයරත්න මහතා  පත්කරනු ලැබ ඇත. 

පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති වරු ලෙස නිමල් සිරිපාල සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.

පක්ෂයේ උප සභාපතිවරුන් ලෙස ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.

උප ලේකම්වරු ලෙස රංජිත් සියඹලාපිටිය, සුමේධා ජී ජයසේන යන මහත්ම මහත්මීන් පත්කරනු ලැබ තිබේ.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු  සඳහා මෙම තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ඇති අතර  එම තාවකාලික නිලධාරි මණ්ඩලයේ සහභාගීත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කෙරිණි.