(නාලක සංජීව දහනායක)
මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම්දී ඇතැයි යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි.
සැකකාර උදයංග වීරතුංග මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (26) ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවන බව ද එම සංවිධානයේ ප්‍රකාශකයකු පැවසීය.
අධිකරණයෙන් පනවා ඇති විදේශ ගමන් තහනම හේතුවෙන් වීරතුංග මහතාට මෙරටට පැමිණිම බාධාවී ඇති බවත් එම බාධාවන් මඟහරවා ගැනීම සඳහා මෙලෙ අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බවද යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි.