මහින්ද ඉන්දියා යයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  දෙදින නිල සංචාරයක් සඳහා අද (28)  ඉන්දියාව බලා පිටත් විය.  ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ ඓතිහාසික  ආරුංගාබාත් නගරයේ පැවැත්වෙන සාමාජීය හා සංස්කෘතික සබඳතා පිළිබඳ ජාත්‍යාන්තර බෞද්ධ සම්මේලනයේ  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සහභාගී වීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්,  හිටපු මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර යන මහත්වරු මෙම සංචාරයට එක් වූහ.