මහින්ද ඇතුළු ඒකාබද්ධයේ පිරිස පාපැදියෙන් පාර්ලිමේන්තුවට


(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)

තෙල් අර්බුදයට විරෝධය දක්වමින් හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාපැදිවල නැගී මීට සුළු මොහොතකතට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

බත්තරමුල්ල පොල්දුව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දක්වා මෙම පිරිස පාපැදියෙන් ගමන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බර කරත්තයකින් පාර්මේන්තුවට පැමිණියහ.