( චන්ද්‍ර සේන ගමගේ )
“හම්බන්තොටදී ජාතික සම්පත් විකිණීමට එරෙහි වූ තරුණ මන්ත්‍රීවරුන් වගේම මහමග ගිය අහිංසකයන් ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ලොකු අසාධාරණයක් කර තිබෙනවා.“යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හෙට පැවැත්වෙන නඩුවේදී අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය.
රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසගේ සුවදුක් විමසීමට අද (15) තංගල්ල බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ය.
“හම්බන්තොට සිද්ධියට තරුණ මන්ත්‍රී වරුන් වගේම වයසක අම්මලා කිහිප දෙනකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පාසැල් යන දරුවන් තුන් දෙනෙක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා. මුස්ලිම් ජාතිකයන් තිහිප දෙනෙක්ද ඒ අතර සිටිනවා.මේ අත් අඩංගුවට ගැනීම ඉතාමත් අසාධාරණයි. ජේ.ආර්.ගේ ප්‍රේමදාසගේ පාලන කාලයේවත් මෙහෙම දේවල් සිදු වුණේ නෑ.
සමහරු කියනවා වාරාය උඩින් චීනයෙන් අවසර නැතිව යන්න බෑ කියල .ඒක බොරුවක් මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්න හදන්නේ උඩු ගුවනත් එක්ක. මේ රටේ උඩු ගුවනත් ඉන්දියාවට අයිති වෙන්න යනවා.
අපේ ආණ්ඩුව මේ රටේ මේ සම්පත් හැදුවේ අනාගත පරපුර වෙනුවෙන්.නමුත් මේ ආණ්ඩුව ඒවා විකුණාගෙන කනවා. අද බලන්න මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. අද උතුරට එක නීතියක්. දකුණට එක නීතියක්. උතුරේ සිවාජිලිංගම්ලාට උසාවි නියෝග කඩල උද්ඝෝෂණය කරන්න පුළුවන්. නමුත් මේ රටේ දකුණේ ජනතාවට ඒ නිදහස නෑ. මේක ඉතාම කනගාටුවට කරුණක“යැයි රාපක්ෂ මහතා ප්‍රකාශ කරයි.



