මහින්ද අගමැති වෙන්නේ කොහොමද?


මහ මැතිවරණයේ දී ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයගන්නා නිසා මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ඉල්ලීමට හෝ ඒ පිළිබඳ කතා කිරීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මෙවර නාමයෝජනා නොදුන්නේ ඔවුන්ට එරෙහි දූෂණ චෝදනා ඇති නිසා නොව ඔවුන් තරග කළොත් සන්ධානයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු පරාජය වීමේ අවධානමක් ඇති නිසා යැයි ද ඇමතිවරයා කීවේය.

web1