මහින්ද 21 නුගේගොඩ එනවාලු


(ජේ.ඒ.එල්. ජයසිංහ)

හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 80 වැනි උපන්දිනය දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,ශිරන්ති රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ,දිලුම් අමුණුගම සිරිපාල ගම්ලත් ,චමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.

මෙහිදී මාධ්‍යවේදියකු හිටපු ජනාධිපති වරයාගෙන් 21 නුගේගොඩ රැළියට යනවාදැයි විමසූ අවස්ථාවේ තමන් එයට සහභාගි වන බව ප්‍රකාශ කළේය.