මහින්ද - රනිල් ගංගාරාම වෙසක් පිංකමේ


ගංගාරාම වෙසක් අලෝක පූජාව මහින්ද රාජපක්ෂ ජනපති හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරු මීට සුළු මොහොතකට පෙර විවෘත කළහ. අද සිට 19 දක්වා  වෙසක් තොරණ හා පහන් කූඩු මෙහි ප්‍රදර්ශනය කෙරේ.  කොළඹ වෙසක් අසිරිය නැරඹීම සඳහා  ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් කොළඹට ළඟාවන බවත් ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට බැතිමතුන්ගේ පිරී ඉතිරී ඇති බවත් වාර්තාවෙයි.