එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා අද පෙරවරුවේ වැඩ භාරගත්තේය.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මූලස්ථානයේ දී අද පෙරවරු 11.15ට පමණ ඔහු සිය ධුරයේ රාජකාරී ඇරඹීය.
සන්ධානයේ වැඩබලන මහලේකම් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පසුගිය 14 වැනිදා පත්කරනු ලැබීය.
සන්ධාන මහලේකම්වරයාව සිටි සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙරදින ඉල්ලා අස්විය. මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය වෙත ආරාධනා කර නොතිබූ අතර එය දැනගත් මාධ්‍ය ආයතන කිහිපයක් එහි ගොස් ඇතත් වැඩභාරගත් ස්ථානය වෙත යාමට ඔවුන්ට අවසර ලැබී නැත.
වැඩභාර ගැනීමෙන් පසු විශ්වා වර්ණපාල මහතා මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පමණක් පිළිතුරු දුන් බව වාර්තා වේ.

