(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ තිබූ ගලකට තම මෝටර් රථයේ ටයරය කැඩි ගියේ යැයි පවසමින් ඊට සාධාරණ වන්දි මුදලක් මහ මාර්ග අධිකාරියෙන් අය කර දෙන ලෙස මහරගම පදිංචි ව්‍යාපාරිකයකු අද (24) බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
කොට්ටාව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුලු වී මෝටර් රථය මාතර දෙසට ධාවනය කරමින් තිබියදී මෝටර් රථයේ ඉදිරිපස වම් රෝදයේ හුලං ගිය බවත් තමා මෝටර් රථය මාර්ගයේ නවතා පරීක්ෂා කිරීමේදී අධිවේගී මාර්ගයේ කලු ගලක් තිබෙනු දුටු බව කළ පැමිණිල්ලේ සඳහන් වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය අමතා සිදු වූ සිද්ධිය පවසා සිටි බව ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන් වේ. එම පැමිණිල්ල කිරීම සඳහා ගලකට කැපුණු බව පවසන ටයරයද ව්‍යාපාරිකයා විසින් පොලිසියට ඉදිරිපත් කර තිබේ.
පැය දෙකකට පමණ පසු අපදා රථය පැමිණ මෝටර් රථය පටවාගෙන කුරුඳුගහ හැතැක්ම පිවිසුම තෙක් ගොස් ඒ වෙනුවෙන් අය කරන රුපියල් 2500ක මුදලක් හා ටිකට් පතට අය විය යුතු රුපියල් 250 මුදලත් අය කර ගත් බවත් තමන්ට ටයරය මිලදී ගැනීම සඳහා රුපියල් 12,500ක මුදලක් වැය වූ බවත් ව්‍යාපාරිකයා පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.