මහානාම ගුරුවරියට යළි වැඩ


ඉකුත් ජනවාරි 27 වැනිදා සිට රාජකාරි තහනම් කළ කොළඹ මහානාම විද්‍යාලයේ උපගුරු සමන්ති මනෝහාරි පැලකැටිය මෙනවිය  වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් පැනැවීය. මාධ්‍යයට දුක්ගැනවිලි ඉදිරිපත් කළැයි  කියමින් අධ්‍යාපන ලේකම් ඇගේ වැඩ තහනම් කෙළේය. වැඩතහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් එම උපගුරුවරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  ශිරානි තිලකවර්ධන, කේ ශ්‍රී පවන් සහ පී ඒ රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් ඉදිරියේ අද කැඳැවිණි. අධ්‍යාපන ලේකම්, රාජ්‍ය සේවා කොමිසම, විදුහල්පති හා නීතිපති වගඋත්තර කරුවන් කරමින් එම පෙත්සම ගොනු කර තිබිණි. වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 10 දිනට කල් තැබිණි.