(විනිතා ඒම්. ගමගේ)
මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව තවත් 35 කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශය කියයි.
ඒ අනුව මෙතෙක් 75 ක් ව පැවැති මහාධිකරණ විනිසුරු තනතුරු සඛ්‍යාව 110 ක් දක්වා වැඩිවනු ඇත.
මේ සමඟම අධිකරණ පද්ධතිය තුළ ගොඩ ගැසී ඇති මුල්‍ය අපරාධ දුෂණ හා සංවිධානාත්මක අපරාධ නඩු විසඳීමට විශේෂිත මහාධිකරණ 3ක් ස්ථාපිත කිරීමටත් ඒවා හරහා ඒම නඩු කඩිනමින් විසඳීමටත් කටයුතු කරන බව අධිකරණ අමාත්‍යංශය කියයි.
ස්වයංක්‍රිය නඩු ගොනු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරිමට මෙවර අයවැයෙන් මුදල් වෙන් වී ඇති අතර නව ක්‍රියාමාර්ග තුළින් ඉදිරියේ දී ගොඩගැසී ඇති නඩු විසඳා අවසන් කළ හැකි වන බවත් අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

