(මනෝප්‍රිය ගුණසේකර )
කොළඹ මහාධිකරණයේ විනිසුරුවරු හත් දෙනාගෙන් හය දෙනකුම විනිසුරුවරුන්ගේ වැඩමුළුවකට සහභාගී වීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ .ඒ. ආර් හෙයියන්තුඩුව මහතා අධිකරණ හතේම නඩු කටයුතු ආවරණය කිරීම අද (28) සිදු කළේය.
මහාධිකරණ විනිසුරුවරයා එකින් එක උසාවියට ගොස් නඩු කටයුතු විමසා නඩුකල් දැමු අතර මහාධිකරණ විනිසුරුවරයකු අධිකරණ හතකට වෙන වෙනම ගොස් වැඩ බැලු ප්‍රථම අවස්ථාවෙ මෙය වේ.