මහාධිකරණ විනිසුරු සංගමයේ නව නිලධාරි මඩුල්ල තෝරා ගනී


(මනෝප‍්‍රිය ගුණසේකර)

 

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2018/2019 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩය පසුගියදා පැවැත්වු වාර්ෂික මහාසභා රැස්වීමේදී තේරී පත්විය.

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතාද, උප සභාපතිවරයා ලෙස මහනුවර මහාධිකරණ විනිසුරු එස්. යු.බී. කරල්ලියද්ද මහත්මියද, ලේකම්වරයා ලෙස ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාද, උපලේකම්වරයා ලෙස මීගමුව මහාධිකරණ විනිසුරු ආර්.ඒ. රණරාජා මහතාද, භාන්ඩාගාරික ලෙස රත්නපුර සිවිල් මහාධිකරණ විනිසුරු කේ.පී. ප‍්‍රනාන්දු මහතාද, සංස්කාරක ලෙස යාපනය සිවිල් මහාධිකරණ විනිසුරු ආර්. කන්නන් මහතාද තෝරා පත් කර ගන්නා ලදී.

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ විධායක සභා කමිටු සාමාජිකයින් වශයෙන් අමල් තිලකරත්න, ආර්. ගුරුසිංහ, ධම්මික ගනේපොළ, එම්. ඉලන්චේලියන්, ආදිත්‍ය පටබැදිගේ, නවරත්න මාරසිංහ, වසන්ත ජිනදාස, එම්.වයි.එම්. ඉර්ෂඞීන්, ඉනෝකා රණසිංහ සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන් පත් කර ගන්නා ලදී.