
(රංජන් කස්තුරි)
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩි.ළමාවංශ මහතා පේරාදෙණය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත් කර තිබේ.
මහාචාර්ය ළමාවංශ මහතා ලබන අගෝස්තු මස 01 වැනි දින සිට සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වසර 30ක පමණ සේවා කාලයක් සම්පූර්ණකර සිටින මහාචාර්ය ළමාවංශ මහතා එම විශ්ව විද්‍යාලයේ ව්‍යෛ පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය. හෙතෙම පසුව වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන එම්.ඩී.ළමාවංශ මහතා පේරාදෙණිය රෝහලේ වසර 35ක පමණ කාලයක් සේවය කර තිබේ. මහාචාර්ය ළමාවංශ මහතා කලක් ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. හෙතෙම දකුණු ආසියා කලාපයේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

