(රංජන් කස්තුරි)
ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ වත්මන් සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ නිල කාලය ලබන ජුනි 30 වැනි දා අවසන් වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ දී හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කරන ලදි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ කාලය වසර පහක් වන අතර එම කාලය නිම වීමෙන් පසුව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් තවත් මාස හයක කාලයක් සඳහා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය සභාවේ සභාපති තනතුර පිරිනමා තිබිණි. එම මාස හයක කාලයද ජුනි 30 වැනි දා අවසන් වේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජික සංඛ්‍යාව 25 කි. වෛද්‍ය සභාවට සභාපතිවරයා සහ තවත් සාමාජිකයන් සිව් දෙනෙකු පත් කිරිමේ නිල බලය සෞඛ්‍ය ඇමැතිවරයාට හිමිය.

