මහා නාහිමිවරු ලන්ඩන් කඨිනයකට වඩිති


නිමල් විතාරණ

අස්ගිරිය පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමි  සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ  නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි   ප්‍රධාන මහා සංඝරත්නය අද (20) සවස ලන්ඩනයට වැඩම කළහ.

මහා නාහිමිවරුන් පැමිණ ඇත්තේ හෙට ලන්ඩනයේ   ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකමට සහභාගී වීම සඳහාය. 

එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක   බෝගොඩ සීලවිමල හිමි, කිංග්ස්බරි විහාරාධිපති   ගලයායේ පියදස්ස හිමි ඇතුළු එක්සත් රාජධානියේ බෞද්ධ  හිමිවරුන් ද කඨින පිංකමට වැඩම කිරීමට නියමිතය.

බ්‍රිතාන්‍ය ජාතික පුස්තකාලයේ ගබඩා කර ඇති ශ්‍රී ලංකාවේ ලේඛන පිරික්සීම සඳහා නාහිමිවරුන් වැඩම කිරීමට නියමිතය.

මහ නායක හිමිවරුන්ගේ පැමිණීම එක්සත් රාජධානියේ බෞද්ධ ප්‍රබෝධයට හේතුවන බව ලන්ඩනයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී   මඩුගල්ලේ මහානාම හිමියෝ පැවසූහ.