(දයාරත්න ඇඹෝගම)
තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දින හයක් තිස්සේ ආහාර වර්ජනයක නිරතව සිටි මහ සොහොන් බළකායේ නිර්මාතෘ සහ එහි නායක අමිත් විරසිංහ අද (17) ආහාර වර්ජනය අත්හැර ඇතැයි බන්ධනාගර ආරංචි මාර්ග සඳහන් කරයි.
කිසිදු චෝදනාවක් නොමැතිව බන්ධනාගාරයේ රඳවා සිටින තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අමිත් විරසිංහ පසුගිය (11) දහවල් සිට ආහාර වර්ජය කර තිබිණි.
පසුගිය මාර්තු 5 වැනි දා මහනුවර දිගන සිදුවු ජාතිවාදි අරගල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු මහ සොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ මාර්තු 10 වැනි දා සිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබේ.
මහ සොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ආහාර වර්ජනය අත්හිටුවීමට තීරණය කරන ලද්දේ කුමන හේතුවක් මතද යන්න අනාවරණය නොවීය.