( හැටන් රංජිත් රාජපක්ෂ )
මේ දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගවලට පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින බව ආපදා කළමණාකාර ඒකකය කියයි.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ දි ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මන්තිරුවකට පමණක් මේ වන විට සිමා කර ඇත.
අධික වර්ෂාවත් සමගම තවදුරටත් ප්‍රධාන මාර්ග වලට පස් කදු කඩා වැට්ම්, ගස් සහ ගස් වල අතු කඩා වැට්ම හා ගල් පෙරලිමේ අවදානමක් මතු වි ඇති නිසා එම මාර්ගවල ගමන් කිරිමේදි හා ගාල් කිරිමේදි සැළකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
තවද අධික වර්ෂාවත් සමගම ඝන මීදුම් තත්ත්වයක්ද පවතින බැවින් ප්‍රධාන මාර්ගවල වාහන ධාවනය කිරිමේදි වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සැළකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ට දන්වා සිටී.