මහවැලියේ කොට්ඨාස කළමනාකරුට අල්ලස් දුන් චීන ජාතිකයා අත්අඩංගුවට



 අනීශා මානගේ
 
 
මහවැලි අධිකාරියේ අගුණුකොළපැලැස්ස කාර්යාලයේ කොට්ඨාස කළමනාකාරවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ කළ චීන ජාතික පුද්ගලයකු අගුණුකොළපැලැස්ස පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය.
 
ලියුම් කවරයක දැමූ මුදල් අල්ලස් වශයෙන් ලබා දීමට උත්සාහ කිරීමේදී මහවැලි අධිකාරියේ නිලධාරිය විසින් මෙම චීන ජාතික පුද්ගලයාගෙන් අල්ලස් මුදල ලබා නොගෙන ඔහුව අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයට බාර දී තිබේ.
 
මෙම චීන ජාතිකයා අගුණුකොලපැළැස්ස ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරමින් සිටින අයෙකි.