ඉඩම් රාජ්‍ය ඇමැති ටී.බී.ඒකනායක මහතා පිරිසක් සමග පැමිණ තමාටත්, බිරියටත්, දරුවන්ටත් බැන වැදී තර්ජනය කළැයි මහව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආර්.එම්.ප්‍රේමදාස (සිල්වා) මහතා තවත් මන්ත්‍රීන් දෙදනකු සමග මහව බස් නැවතුම්පොළ අසල අට්ටාලයක උපවාසයක් ආරම්භ කර ඇත.
අනුර බණ්ඩාර හා නිහාල් ප්‍රේමසිරි යන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු එම උපවාසයට එක්ව සිටිති.
ඇමැති ඒකනායක මහතා පවසනුයේ තමා පිළිගැනීම සඳහා ඔසවා තිබූ කොඩි කපා කටවුට් ගිනි තැබූවැයි සිල්වාට එරෙහිව පොලිසියට පැමිණිලි කළ බවයි.

