( ජුඩ් සමන්ත)
වයස අවුරුදු 70 ක් වන වයෝවෘද්ධ දෙදරු මවක් බලහත්කාරයෙන් අපයෝජනය කළ බව කියන 43 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.
ඊයේ (26) දහවල් 2.00 ට පමණ මදුරන්කුලිය - වේළුසුමනපුර ප්‍රදේශයේදී මෙය සිදුවී ඇත.
ඇයගේ සැමියා මිය ගොස් , දරුවන්ද විවාහ වී වෙනම වාසය කරන අතර මෙම කාන්තාව නිවසේ තනිවම ජීවත්ව තිබේ.
සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.