මහරගමට බෙහෙත් පිරිනමයි


පිළිකා රෝගට රටින් තුරන් කිරීමේ අරමුණින් ජනතාව දැනුම්වත් කිරීමේ පුරෝගාමී ස්වේච්ඡා සංවිධානයක් වන ‘වී කැන් සර්වයිව්‘ සංවිධානය විසින් රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා ‘නියුපජින්‘ සහ ‘මෙරෝනිව්‘ දුර්ලභ ඝනයේ එන්නත් තොගයක් මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා අද පැරිනැමිණි.

සංගමයේ සභාපති ප්‍රමෝද් අබේවර්ධන, උප සභාපති කුමුදු අබේවර්ධන, ලේකම් ලසන්ත සංජීව සහ උපදේශක එස් එල් ඒ අබේවර්ධන යන මහත්ම මහත්මීන් මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය නිශාන්ත සිරිවර්ධන මහතාට එම බෙහෙත් තොගය භාරදුන්නේය.

පිළිකා රෝහලේ නේවාසික දරුවන් සඳහා තෑගි භාණ්ඩ, කිරිපිටි ආදිය බෙදා දෙනු ලැබීය.