(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම මහ නගර සභාවේ කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටරය කොන්ක්‍රීට් කණුවක වැදීමෙන් රියදුරු (59) ට්‍රැක්ටරයෙන් විසි වී කොන්ක්‍රීට් තට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් මිය ගිය බව පොලිසිය පවසයි.
අනතුර වන අවස්ථාවේ ට්‍රැක්ටරය පදවා ඇත්තේ රියදුරු බලපත්‍ර නොමැති ගෝලයා බව පොලිසිය කියයි.
මොහු මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




