
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශල්‍යකර්මයකට ලක් ව තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (4) මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා රෝහලට ගියේය.
අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩල සාමාජිකයන් ඊයේ (3) පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුකළ විරෝධතාවයේ ඇතිවූ සිද්ධියකදී අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදු වීමෙන් ස්ථානාධිපතිවරයා මෙලෙස ශල්‍යකර්මයකට ලක් කෙරෙිණි.
විනාඩි 10ක පමණ කාලයක් එහි රැඳී සිටි අමාත්‍යවරයා ස්ථානාධිපතිවරයාට ඉක්මන් සුවය පතා පිටව ගියේය



