(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරින් අට දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26 ගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ (2) වන විට සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
ඒ අතර පිරිමි හෙද නිලධාරීන් දෙදෙනෙක් ,ප්‍රධාන ජේලර් වරයා ඇතුළු තවත් නිලධාරීන් දස දෙනෙක් ,රෝහල්ගතකර සිට නැවත බන්ධනාගාරය වෙත ගෙන එන ලද රැඳවියන් හය දෙනෙකු ද ඒ අතර වන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
මීට අමතරව මෙම සිද්ධියේදී බන්ධනාගාරයේ සිදුවූ අලාභ හානිය සම්බන්ධයෙන් අදාළ තක්සේරු වාර්තාවන් වගේම බන්ධනාගාරයේ සිටි රැඳවියන් ට අමතරව යම් කෙනෙක් මොවුන්ව යම් කුපිත කිරීමක් ,,කුමන්ත්‍රණයකට අනුබල දීමක් සිදු වූවා ද යන්න පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

