මහර බන්ධනාගාරයේ තාප්පයට උඩින් ජංගම දුරකථන 04 ක පාර්සලයක්


(කවිතා සුබසිංහ)

මහර බන්ධනාගාරයට යාබද අතුරු මාර්ගයක සිට බන්ධනාගාර තාප්පයට ඉහළින් විසිකරන ලද පාර්සලයක් අද (11) සොයා ගැනීමට එම බන්ධනාගාරයේ නිලධාරීන් සමත්වී තිබේ.

එම පාර්සලය තුළ තිබි ජංගම දුරකථන 04 ක්, චාජර් 01 , ජංගම දුරකථන බැටරි 06 ක් , සිම් කාඩ් පත් 03 ක් සහ දුම්කොල කැබලි තොගයක් හමු වූ බව බන්ධනාගාරය සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ අභ්‍යන්තර රාජකාරි වල යෙදී සිටි නිලධාරීන් පිරිසක් විසින් දුම්කොළ කැබලි සහිත මෙම පාර්සලය අත්අඩංගුවට ගනු ලැබීය.