මහමෙව්නාවෙන් කඳුරටට මහා සෑයක්


මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා මහා විහාරයේ ඉදි වූ අඩි 106 ක් උසැති ‘සිරි ගෞතම සම්බුදු මහා සෑය’ නිදහස්දා මල් අතුරා පූජෝපහාර දැක්වූ අවස්ථාවට ආ ලක්‍ෂ සංඛ්‍යාත ගිහි පැවිදි සැදැහැවතුන්ගෙන් කුණ්ඩසාලේ මහමෙව්නා මහා විහාර භූමිය පිරී ඉතිරී ගියේය. ඤාණානන්ද හිමියන්ගේ ප‍්‍රදානත්වයෙන් මේ පින්කම සිදුවිය.