මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු 5ට ඇප


( නිමන්ති රණසිංහ)

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු  නියෝජ්‍ය අධිපති පී සමරසිරි සහ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්  ඇතුළු පස් දෙනාට ඇප ලබාදීමට  කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (05) නියෝග කළාය. 

ඔවුන් දෙදෙනාට ලක්ෂය බැගින් මුදල් ඇපයක් ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප දෙකක්ද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

අධ්‍යක්ෂවරු  වන  පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන අය ඇප හිමි වු  සෙසු සැකකරුවෝය.  ඔවුන්ට එක් අයකුට ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් අධිකරණය නියම කළේය.

එමෙන්ම ඔවුන්ගේ  විදෙස් ගමන්ද තහනම් කළ අතර විදෙස් ගමන් බලපත් අධිකරණයට බාර දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 නඩු විභාගය අප්‍රේල් 30 වැනිදාට කල් තැබිණි.

ඡායාරූප - ළහිරු හර්ෂණ