මහබැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (03) පිළිගැන්විණි.
 
ජනාධිපති නිල නිවසේදී එම වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර මේ අවස්ථාවට මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය පී.එන්. වීරසිංහ, සහකාර අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ අධ්‍යක්ෂිකා ආචාර්ය වයි. ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීහු එක් වුහ.