මහබැංකු අරමුරදල් සහ භාරයනුත් පර්පෙචුවෙල් වංචාවට යොදා ගෙනැයි චෝදනාවක්


විනීතා එම් ගමගේ

 
ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින අරමුදල් හා භාරයන් හයක මුදල් ද දුෂිත පර්පෙචුවෙල් බැඳුම්කර වංචාවට යොදා ගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය චෝදනා කරයි. 

එම අරමුදල් වලින් අවම වශයෙන් රුපියල් මිලියන 78 ක  පමණ අලාභයක් සිදුවී ඇතැයි හෙළිවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය. 

මෙම අරමුදල්වලට සිදුවූ පාඩුව අයකර ගැනීමට මේ වනතුරු කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද හෙතෙම  කියා සිටියේය. 

පර්පෙචුවෙල් සමාගම දුෂිත බැඳුම්කර වංචාවෙන් උපයාගත් රුපියල් මිලියන 8500 ක් අය කර ගැනීමට රාජ්‍ය ආයතන පහක් වෙනුවෙන් නීතිපතිවරයා නඩු පවරා ඇතැයි කී තෙන්නකෝන් මහතා සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල, රක්ෂණ භාරය, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා අරමුදල් හා මහාපොළ උසස් අධ්‍යාපන බාර අරමුදල් මෙසේ නඩු පවරා ඇති ආයතන බව ද කීය.