මහබාගේ අනතුරින් තුවාල ලැබූ සිසුවාත් මරුට


(ඉන්දිකා රාමනායක)

බාල වයස්කාර දරුවකු පැදවූ මෝටර් රථයට ගැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ 17 හැවිරිදි සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය කියයි.

වත්තල මහබාගේ ප්‍රදේශයේදී ඉකුත් 4 වැනි දා සිදු වූ එම රිය අනතුරින් යතුරු පැදි කරුවකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇත.

17 හැවිරිදි සිසුවකු පැද වූ එම මෝටර් රථය පාරෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ද දිසාවෙන් ආ මෝටර් රථයක ඇතුළු වාහන පහක ගැටි පෙරළී ගියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් බාලවයස්කාර දරුවකුට වාහන දීම හා අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දරුවා සහ ඔහුගේ පියා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.