
(ඉන්දිකා රාමනායක)
බාල වයස්කාර දරුවකු පැදවූ මෝටර් රථයට ගැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ 17 හැවිරිදි සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය කියයි.
වත්තල මහබාගේ ප්‍රදේශයේදී ඉකුත් 4 වැනි දා සිදු වූ එම රිය අනතුරින් යතුරු පැදි කරුවකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇත.
17 හැවිරිදි සිසුවකු පැද වූ එම මෝටර් රථය පාරෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ද දිසාවෙන් ආ මෝටර් රථයක ඇතුළු වාහන පහක ගැටි පෙරළී ගියේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් බාලවයස්කාර දරුවකුට වාහන දීම හා අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දරුවා සහ ඔහුගේ පියා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

