සෙන්පති ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවක් මහනුවර නගර මධ්‍යයේ සෙනසුරාදා (22) විවෘත කෙරිණි.
ලලී කොබ්බෑකඩුව මහත්මිය හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා අතින් පිළිරුව විවෘත විය.
පිළිරුව නිර්මාණය කර ඇත්තේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු පීඨාධිපති සරත් මල්දෙණිය මහතාය.





