මහනුවර-හැටන් බස් වර්ජනයේ


හැටන් මහනුවර පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්කැර ගැනීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් පුද්ගලික බසයක කොන්දොස්තරවරයකුට පහර දී මුදල් හා රන් භාණ්ඩ පැහැරගත්බව කියන සිද්ධියක් මේ වර්ජනයට හේතුවී ඇත. පහරකෑමට ලක්වූ කොන්දොස්තරවරයා රොහල්ගතව සිටියි. පුද්ගලික බස් සේවකයන් පවසන්නේ සැකකරු අත්අඩංගුවට ගන්නාතුරු වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.