ලබන සිකුරාදා වන විට දේපොළ අලාභ හානි තක්සේරු කර හැකි ඉක්මනින් වන්දි ලබා දීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ මහනුවර කළහයෙන් අලාභ හානි වූ ප්‍රදේශවල කළ සංචාරයකින් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
අගමැතිවරයා - දැනට ලැබිල තියෙන ලිපි ලේඛන අනුව සම්පුර්ණයෙන් විනාශ වූ නිවාස , ආගමික ස්ථාන සහ වාහන පිළිබඳ තක්සේරුවක් කරන්න තියෙනවා. පුර්ණ හානි 87ක් සහ අර්ධ හානි 196ක් තිබෙනවා. සතියකින් තක්සේරුව කරන්න පුලුවන්ද?
නිලධාරීන් - ලබන සිකුරාදා වෙනකොට පළුවන්.
අගමැති - කරන්න පුළුවන් ඔක්කොම සිකුරාදා වෙනකොට ඉවර කරන්න. මියගිය පවුල් 3ක් තියෙනවා. සඳුදා වෙනකොට වන්දි ගෙවන්න. මියගිය අයගේ පවුලක් සඳහා මුලින් ලක්ෂයක් දෙන්න. එන සුමානේ කැබිනට් මණ්ඩලය හමුවෙලා ඊට පස්සේ අපි වැඩිපුර ලක්ෂ 4ක් දෙන්න හදන්නම්.
අගමැති - විශේෂයෙන් අර රියදුරුගේ ළමයා ගැන බලන්න.
නිලධාරීන් - දැනටමත් අපි අබාධිත දීමනාවක් දෙන්න කටයුතු කරගෙන යනවා.
අගමැති - මේ අයට යම් කිසි ආදායමක් දෙන්න වෙයි. මුස්ලිම් පල්ලි 14 කට හානි වෙලා තියෙනවා . ඒ හානි අනුව ගෙවන්න . විශේෂයෙන් කෙන්ගල්ල තමයි විශාලම හානිය වෙලා තියෙන්නේ. විහාරස්ථානයක් තියෙනවා සුලු හානි ඒකටත් ගෙවීමක් කරන්න. ව්‍යාපාරික ස්ථාන වලට මූලිකව ලක්ෂයක් දීලා ඊළඟට ඉතුරු ටික කරාම අපි ඉතුරු ටික දෙන්නම්.
හානි වූ නිවාස වලට මුලික වශයෙන් රුපියල් පනස්දාහක් දෙන්නම්. මේ හැම ව්‍යාපාරයක්ම බැංකුවලට ණය වෙලා තියෙනවනම් බැංකු වලට කියන්නම් ආපහු ගෙවීම නවත්තන්න කියලා.
මහනුවර හානිවලට වන්දි කඩිනම් කරන්න අගමැතිගෙන් උපදෙස්
Recommended Articles