(අංජුල මහික වීරරත්න)
ජාතිවාදී ස්වරූපයෙන් මහනුවරදී ඇතිවූ ගැටුම් හේතුවෙන් ඇතිවූ දේපොළ හානිවලට වන්දි ගෙවීමට අමාත්‍යංශ හතරක් යෙදවීමට රජය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මෙසේ වන්දි ගෙවීමේ කටයුතුවල නිරත වන්නේ බුද්ධ ශාසන ,තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු,පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම්, ආපදා කළමනාකරණ යන අමාත්‍යාංශයන්ය.
බෞද්ධ හා මුස්ලිම් සිද්ධස්ථාන වලට වු හානි වෙනුවෙන් පිළියම් දීමට බෞද්ධ හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය හරහාද,සාමාන්‍ය ජනතාවගේ දේපොළ වලට වු හානිය පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය හරහාද අපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් පොදුවේ සියලු අලාභ හානි අධීක්ෂණය කර වන්දි ගෙවීමට නියමිතය.
මහනුවර සිද්ධීන්ට අදාලව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව සම්පුර්ණ හානි සිදුවු දේපොළ මාස 4ක් තුළ සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළ යුතු වේ.

