මහනුවර සිද්ධියට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හයක් ගැන විමර්ශන


මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනකු ගැන පොලිසිය පරීක්ෂණ පවත්වන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
 
තැන්නේ ගෙදර ගාමිණී, සමන්ත පෙරේරා,  සමන්ත, දීප්ති සහ මන්ත්‍රී හිමිවරුන් දෙනමක් ද ඒ අතර වන බවද ඔහු සඳහන් කළේය.
 
අනුර කුමාර දිසානායක මහතා එලෙස ප්‍රකාශ කළේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයට එක්වෙමිනි. තමා මෙලෙස කියන්නේ පොලිස් වාර්තා අනුව යැයි ද ඔහු කීවේය.