මහනුවර සංචාරයේ යෙදෙනවා නම් ප්‍රවේශමෙන්- අරාබියෙන් නිවේදනයක්


( තිළිණි ද සිල්වා )

මහනුවර දිස්ත‍්‍රික්කය මුල් කරගනිමින් ඇතිවූ ගැටුම් හේතුවෙන් ලංකාවේ සංචාරය කිරීමේදී දැඩි අවධානයෙන් සිටින්නැයි එක්සත් අරාබි එමීර් රාජ්යේ සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කරනු ලැබ ඇතැයි එරට පළවන  ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය අද (11) වාර්තා කර ඇත.

එමීර් රජය වෙනුවෙන් කොළඹ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනුයේ ලංකාවේ සංචාරය කරන තම වැසියන් වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථානයන්හි සිටීමෙන් වැළකෙන ලෙසයි. එසේම යම් කිසි හදිසි අවස්ථාවක් ඇති වුවහොත් එමීර් තානාපති කාර්යාලය හැකි ඉක්මනින් අමතන ලෙසද එම බලධාරීහු සිය වැසියන් ගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමා ජේ මොහිදීන් පැවසූයේ ලංකාවේ පනවා ඇති හදිසි නීතිය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරක් බවයි.