මහනුවර ශා. සිල්වෙස්තර විදුහලට කඩුලූ 8 ක ජයක්


මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සහ කෑගල්ල විද්‍යාලය අතර පල්ලෙකැලේදී පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගයෙන් සිල්වෙස්තර විදුහල් කී‍්‍රඩකයෝ කඩුලූ 8 ක ජයක් ලැබුහ. කෑගල්ල විද්‍යාලය පළමු ඉනිම 66 (ෂාන් චතුරංග 24, විමුක්ති රත්නායක 14, වරුණ විජේසිංහ 16/5, සී. මධුරංග 7/2) සහ දෙවැනි ඉනිම 156 (තාරක සෝමතිලක 67, බී. පේ‍්‍රමතිලක 14, ෂාන් චතුරංග 15, දුෂාන් මලලසේන 29/4, සුමේධ දිසානායක 16/2) ශාන්ත සිල්වෙස්තර විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 154 (ෆායිස් අහ්මඞ් 58, අයි. සමරතුංග 12, වරුණ විජේසිංහ නොදැවී 43, දිලාන් මෙල් 13) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 69 (වරුණ විජේසිංහ 13, ෆායිස් අහ්මඞ් 27, රුවන්ත ඒකනායක නොදැවී 21)