(ජේ.ඒ.එල්.ජයසිංහ)
කොරෝනා වයිරසය ආසාදිත වී මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ පිරිසෙන් 12 දෙනකු පසුගිය දින දෙකක් තුළ මරණයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මියගිය අය අතර කාන්තාවෝ හය දෙනෙක් සිටිති. පසුයි 22 වැනි දා සහ 24 වැනි දා මෙම මරණ සිදුව ඇතැයි වාර්තා වෙයි.මියගිය පිරිස 58ත් - 73ත් අතර වයස් සීමාවේ පසුවන්නන් බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.

