මහනුවර මැයි රැළියට බස් 2800 කින් පාක්ෂිකයින් 120,000 ක්


( මොහොමඩ් ආසික්)
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී පැවැත්වීමට නියමිත මැයි රැළියට දිවයින පුරා බස් රථ 2800 කින් පාක්ෂිකයින් 120,000 වැඩි පිරිසක් සහභාගී වන බව මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා කියයි.
 
මහනුවර පිහිටි මහ අමාත්‍යවරයාගේ නිළ නිවසේදී  අද  (21) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය.
 
“මෙවර පැවැත්වෙන මැයි රැළි අතරින් අති දැවැන්තම රැළිය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකව මහනුවර දී පවත්වනු ලබන මැයි රැළියයි. මෙම රැළියට දැනටමත් විශාල පිරිසක් සහභාගී වන බවට ස්ථීර කර තිබෙනවා“ 
 
“මෙසේ සහභාගී වන පිරිස් සදහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපයා දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.නගරයට පැමිණෙන අනෙකුත් ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් බස් රථ ගාල් කිරීමටත් පෙළපාලි පැවැත්වීමටත් අවශ්‍ය සැලසුම් සකස් කර තියෙනවා“යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.